ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ජාත්‍යන්තර මුහුදු සීමාව (IMBL) උල්ලංඝනය කර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මන්නාරම මුහුදු ප්‍රදේශයේ අනවසර මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අද සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා කණ්ඩායමක් නිරීක්ෂණය කළ බවයි.

ඒ අනුව සිදු කළ මෙහෙයුමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගත් අතර, එහි සිටි ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ අත්අඩංගුවට ගත් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාර දුන් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *