විස මතට එරෙහිව හැප්පෙන්න රජය තීරණය කළා

විස මතට එරෙහිව හැප්පෙන්නට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විෂ මත් ව්‍යසන පරදන ” රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.

අප රට වෙලාගෙන සිටින මායාකාරී ව්‍යසනය පරාජය කරන්නට අද අප එක්වී සිටිනවා.අප ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ ගොදුරු බවට පත්වී සිටිනවා .මෙය මේ මොහොතේ ඇති වූ අභියෝගයක් නොවේ.දශක ගණනාවක් ක්‍රමිකව පැමිණි මෙය අද සමාජයම ගිල ගන්න තැනට වැටී තිබෙනවා.

මම වගේම අපේ ආණ්ඩුව මේ ව්‍යසනයට එරෙහිව හැප්පෙන්න තීරණය අරගෙන තිබෙනවා.මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිල ගන්න තැනට පැමිණ තිබෙනවා.බන්ධනාගාර ගත වන අයගෙන් සියයට 64 ක් මත්ද්‍රව්‍ය වලට හසුවූ අයයි.

රටේ අනාගතයේ මහමග වැනසෙන විට අපට බලාගෙන ඉන්න අයිතියක් නැහැ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *