පොලිසිය සුද්ද කරනවා

පාතාලය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වල කොතැනක හෝ පොලිස් නිලධාරියෙකුගේ සබඳතාවයක් ඇතැයි  හෙළිදරව් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විෂ මත් ව්‍යසන පරදන ” රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී   අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.

මේ කාර්යය කළ හැකි යැයි සමාජයේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා.මෙය පරාජය කරන්න නම් පොලිසිය සුද්ද කළ යුතුයි.පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්වූ යුගය මේ යුගයයි. ඔබ රැකියා සුරක්ෂිත බව නිල ඇඳුමේ ගෞරවය  රැකගෙන ඉදිරියට යන්න.නැතිනම් ඉවත් වෙන්න.එහෙම නැතිනම් අප ඉවත් කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *