සමාජ මාධ්ය සහ පණිවිඩ හුවමාරු යෙදුම් ඔස්සේ ව්යාජ ලෙස සකස් කළ හා සංස්කරණය කරන ලද නිල චක්රලේඛ සංසරණය වීම සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්යාංශය සඳහන් කර ඇත්තේ නිල චක්රලේඛ විකෘති කරමින් සහ අසත්ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ප්රචාරය කිරීමේ ප්රවණතාව ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය කර ඇති බවයි.
මෙවැනි නොමඟ යවන සුළු තොරතුරු හේතුවෙන් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, සිසුන්, දෙමාපියන් මෙන්ම මහජනතාව අතර ද ව්යාකූලත්වයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බව අමාත්යාංශය පවසයි.
ඒ අනුව, නිවැරදි හා වලංගු නිල චක්රලේඛ ලෙස සැලකිය යුත්තේ අමාත්යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති චක්රලේඛ පමණක් බව මහජනතාවගෙන් සහ අදාළ පාර්ශ්වයන්ගෙන් අමාත්යාංශය ඉල්ලා සිටියි.
එමෙන්ම ව්යාජ හෝ සංස්කරණය කරන ලද චක්රලේඛවලට නොරැවටෙන ලෙසත්, එවැනි තොරතුරු සමාජ මාධ්ය හෝ පණිවිඩ හුවමාරු වේදිකා ඔස්සේ තවදුරටත් බෙදාහැරීමෙන් වළකින ලෙසත් මහජනතාවට උපදෙස් දී තිබේ.


