මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය රථවාහන පොලිස් අංශයට අනුයුක්ත නිලධාරීන්ට පමණක් සීමා වී නොමැති බවයි.
නිල පොලිස් ඇඳුමින් සැරසී සිටින ඕනෑම පොලිස් නිලධාරියෙකුට තනිව රාජකාරියේ නිරතව සිටියදී වුවද රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිමය පියවර ආරම්භ කළ හැකි බව ඔහු පැහැදිලි කළේය.
රථවාහන නීති ක්රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට ඇති බලතල පිළිබඳව සමාජ මාධ්ය ඔස්සේ පළවන ප්රශ්නවලට ප්රතිචාර දක්වමින් පොලිස් මාධ්ය ප්රකාශකවරයා මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.
මේ අතර, රථවාහන වැරදි සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සැඟවී සිටීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද ඔහු අදහස් පළ කළේය.
රථවාහන වැරදි හඳුනාගැනීමේදී පොලිස් නිලධාරීන් සැඟවී සිටීම අවශ්ය නොවන බවට පොලිස්පතිවරයා සියලුම පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද සහකාර පොලිස් අධිකාරී වූට්ලර් මහතා සඳහන් කළේය.


