ව්‍යාජ ලේබල් අලවා දේශීය වෙළෙඳපොළට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරෙන කල් ඉකුත් වූ පළිබෝධනාශක, වල්නාශක, දිලීරනාශක සහ පොහොර නිෂ්පාදන තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජූලි 21 වන දින කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම තොගය සොයාගෙන ඇති අතර, එහි ඝන කෘෂි රසායන කිලෝග්‍රෑම් 376යි ග්‍රෑම් 350ක් සහ දියර කෘෂි රසායන ලීටර් 1,170යි මිලිලීටර් 340ක් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
මෙම මෙහෙයුමේදී අම්පාර නව නගරයේ පදිංචි 34 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම නිෂ්පාදන ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට සැක කෙරෙන ලොරි රථ හතරක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කෘෂි රසායන තොගය සහ වාහන පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මුද්‍රා තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.


