රේගුවේ බදු එකතු කිරීම බිලියන 1316 පැනලා

වන විට රේගුවේ සමස්ත බදු එකතු කිරීම රුපියල් බිලියන 1316 ඉක්මවා තිබෙන බවකම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය  අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රේගු දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීම සම්බන්ධව ප්‍රශ්න මතු කළා.ගිය වසරේදී රේගු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1550 ක ඉලක්කයක් ලබා දීබුණා.මේ වසරේදී රුපියල් බිලියන 2115 ඉලක්කයක් ලබා දුන්නා.මෙච්චර ඉලක්ක වලට යන්න පුළුවන්ද? වාහන වලට විශාල වශයෙන් බදු ගහලා ආදී කතා කිව්වා.අතිරේක බදු ගහනවාට වඩා බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි වී තිබෙනවා.ගිය වසරේදී අප අදාළ බදු ඉලක්කයට ළඟා වුණා වගේම මේ වසරේදී තිබෙන රුපියල් බිලියන 2015ක ඉලක්ක නිසි අයුරින් සම්පූර්ණ කරමින් තිබෙනවා.මේ වන විට රේගුවේ සමස්ත බදු එකතු කිරීම රුපියල් බිලියන 1316 ඉක්මවා තිබෙනවා.ඒ කියන්නේ කලින් වසරේ එකතු කරපු අගයට ආසන්න වෙලා. ඒ සියල්ල එකතු කළේ වාහන වලින් නොවේ.ආදායම් එකතු කිරීමේ කාර්යක්ෂමතාවය අප ඉදිරියට ගෙනමින් තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *