පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව දැනුමෙන් පිරිපුන් සිසුන් සඳහා ජනාධිපති පදක්කම් පිරිනමා ඔවුන් ඇගයීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරයි.

මෙවර 11 වෙනි වරටත් පැවති  පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේදී පරිසර නියමුවෝ  192ක්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජනාධිපති පදක්කම් ලැබූහ.

පාසල් සිසුන් පරිසර නියමුවන් ලෙස පුහුණු කළ ගුරුවරුන්ට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි.

2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වෙනුවෙන්  සම්පාදනය කෙරුණු විශේෂ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *