රාජ්‍ය ආයතනවලට මේ වනවිට පත් කර ඇති සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් අදාළ තනතුරුවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඉකුත් 11 වැනිදා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවට වාර්තා වනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයට පත්වූ පසු විශේෂ මණ්ඩලයක් මගින් රාජ්‍ය ආයතන සභාපතිවරු සහ අධ්යක්ෂ මණ්ඩල පත් කරනු ලැබූ අතර, දැනට පත් කර ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නේ නම් ජනාධිපතිවරයාගෙන් විමසා සිදු කළ යුතු බව ජනාධිපති කාර්යාලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කළ ලිපියේ දැක්වේ. එමෙන්ම පත්කර ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වැටුප්, ඉන්ධන දීමනාවලට සීමා පනවමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්රලේඛයක්ද නිකුත් කර තිබේ.