මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්රිත කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද (17) කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
සෞඛ්‍ය අංශයේ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට පොලිස් නිලධාරීන්ගේ සහය හිමිව ඇති බව ද ඒ මහතා සදහන් කළේය.