මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාර්ගය තාවකාලිකව වසා දැමේ

මාලිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟම ජුම්මා මස්ජිත් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ ස්ථානයේ මුදල් බෙදාදීමක් සිදුව ඇති අතර ඊට සහභාගී වූ පිරිස මුදල් ලබාගැනීමට උත්සාහ දරණ අවස්ථාවේ සිදුවූ තෙරපීමක් නිසා මෙම අනතුර සිදුව තිබේ.

ආධාර බෙදා දීම සිදු කළ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *