මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට පත් කිරීමට ජනපතිගේ නිර්දේශ

මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත අධිකරණ සේවා නිලධාරීන් තිදෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිතය.

ඒ අනුව පෙරුමාල් සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ඥානේස ලලිත් කන්නන්ගර යන නිලධාරීන් තිදෙනා සැප්තැම්බර් 23 වැනිදා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම යෝජිත පත්කිරීම් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය සැප්තැම්බර් 22 වැනිදා නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *