බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන  රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා  නියෝග කළේය.

සාජිකා ලක්ෂානි නමැති සැකකාරිය  මිද්දෙණිය  ප්‍රදේශයේ සිදු කර ඇතැයි කියන මත්ද්‍රව්‍ය  චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරයා හා සැකකාරියගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *