නවසීලන්ත තානාපති කථානායක හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් සහ  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී  පෙන්වා දුන් කතානායකවරයා අනාගතයේදී සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති අපේක්ෂාව සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම, ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු බහුවිධ අංශවල සහයෝගීතාවය වර්ධනය සඳහා අවස්ථා පවතින බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ධාරිතා වර්ධනය සහ තාක්ෂණික දියුණුව සඳහා නවසීලන්තයේ සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම කථානායකවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *