ශ්රී ලංකාවට බදු නොගෙවා ආනයනය කළ බවට සැක කෙරෙන විවිධ වෙළඳ නාමවල සිගරට් 36,200ක් සමඟ මැලේසියානු ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් ජූලි 25 වන දින කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්රදේශයට අයත් සිනමන් ලයිෆ් හෝටලයේ රථගාලේ සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිසිය සඳහන් කළේ, වැටලීම සිදු කරන අවස්ථාවේදී එම සිගරට් තොගය ප්රවාහනය කිරීම සඳහා කැබ් රථයකට පටවා තිබූ බවයි. එම කැබ් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30කට ආසන්න පුද්ගලයෙකු වන අතර, ඔහු කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


