බටහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊයේ (21) පෙරවරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය අද (22) පෙරවරු 7.00 දක්වා වලංගු වේ.
ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක් පමණ වන තද වැසි ඇතිවිය හැකි බවයි.
තද වැසි තවදුරටත් පවතින බැවින් අදාළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සහ සූදානමින් සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
20 දා පෙරවරු 8.30 සිට අද (21) පෙරවරු 7.00 දක්වා වාර්තා වූ වර්ෂාපතන දත්ත අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 104ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
කෑගල්ලේ කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළියෙන් මිලිමීටර් 85.5ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගමෙන් මිලිමීටර් 85ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ දම්මුල්ලෙන් මිලිමීටර් 82.5ක් වාර්තා වී ඇත.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව නිරිතදිග ශ්‍රී ලංකාවේ වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය.
බෙංගාල බොක්කේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයක් දෙසට සුළං ප්‍රවාහය යොමුවීම හේතුවෙන් මෙම වැසි තත්ත්වය ඇතිවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, එම අඩු පීඩන පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



