2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරමින් සිටියි.
ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ආධාර සහ අනුබල දීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබිණි.
විත්තිකරුවන් 24 දෙනා අතරින් 15 දෙනෙකු වරදකරුවන් බවට තීන්දු කර ඇති අතර, අනෙක් විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ නායකයා ලෙස විමර්ශනවලදී හඳුනාගෙන ඇති සහරාන් හෂීම්ගේ ප්‍රධාන සහයකයෙකු ලෙස හඳුනාගෙන තිබූ නවුෆර් මවුලවි ද වරදකරුවන් වූ පිරිස අතර සිටී.
මේ වනවිට අධිකරණ කටයුතු කෙටි වේලාවකට කල් තබා ඇති අතර, විත්තිකරුවන්ට නියම කරන දඬුවම් ප්‍රකාශ කිරීම සඳහා නඩු විභාගය ඉදිරියේදී යළි ආරම්භ කිරීමට නියමිතය.


