ප්‍රමාණවත් දුම්රිය නොමැති නිසා මගීහු මහ මග

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට සහ කුඩා දුම්රිය ධාවනයේ යෙදවීමට බලධාරීන් උපදෙස් දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පවසති.

පිට පළාත්වලින් කොළඹ පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව සීමාකිරීමට ආණ්ඩුව මෙයින් බලාපොරොත්තු වන බව කියන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ එම උපදෙස් අනුව තනි දුම්රිය ධාවනයේ යෙදවීමට කටයුතු කළ බවත් සඳහන් කළහ.

ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ඊයේ (1) පස්වරුවේ ධාවනය කළ තනි දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන්ම ජනතාව පිරීම නිසා දැඩි අපහසුතාවට පත්වූ අතර මේ හේතුවෙන් මගී ජනතාවට මරදාන සිට ඉදිරි දුම්රිය ස්ථානවලින් දුම්රියට ගොඩවීමට නොහැක්වූ බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *