පවතින දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින වන සතුන් සඳහා ජලය ලබාදීමේ අඛණ්ඩ වැඩසටහනක් වනජීවී නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ බුද්ධංගල සහ ගල්ඔය නිම්න උතුරු නැගෙනහිර ප්‍රදේශවල, අම්පාර අභයභූමිය ලෙසද හැඳින්වෙන ප්‍රදේශයේ වියළී ගිය පොකුණු සහ ජල වළවල් බවුසර් මගින් ජලය පුරවමින් පවතී.
දීර්ඝ කාලයක් පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ස්වාභාවික ජල මූලාශ්‍ර රැසක් සිඳී ගොස් ඇති අතර, එම තත්ත්වය වන සතුන්ට දැඩි අපහසුතා ඇති කර තිබෙන බව බලධාරීහු පවසති.
මෙම ජලය සැපයීමේ වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් අනූපමා මංගලා වික්‍රමආරච්චි මහත්මියද අවශ්‍ය සහය ලබාදී තිබේ.
වන සතුන් සඳහා අවශ්‍ය ජල සැපයුම පවත්වාගෙන යාම සඳහා ලහුගල ජාතික උද්‍යානය ඇතුළු ජාතික උද්‍යාන කිහිපයකද මෙවැනි ජලය සැපයීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරමින් පවතී.


