ඩී.අයි.ජී.උදිත රිමාන්ඩ්

බිරිඳ ඇතුළු සැකකරුවන් අට දෙනකුට අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල්තලාවක් මත පිහිටි දේවාලයක් ඇතුළත නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ  සැප්තැම්බර් 01 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් නාලක සංජීව ජයසූරි මහතා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සැප්තැම්බර් (01) දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සියලු සැකකරුවන් සැප්තැම්බර් 01 දින යළි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

අනුරාධපුර ශ්‍රාවස්ත්‍රිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල්තලාවක් මත පිහිටි දේවාලයක් ඇතුළත නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අට දෙනාද දනට රක්ෂිත බන්ධනාගාර ගත කරසිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *