රනිල්ට සහායට ගාල්ලේ විරෝධයක්

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ඊයේ සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, ජයන්ත ජයවීර යන මහත්වරු ද පළාත් පාලන ආයතනවල සභිකයන් ද ඇතුළු දේශපාලන පක්ෂ බේදයකින් තොරව විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

රාජ්‍ය උමතුවට රටත් ජනතාවත් බිලි නොදෙන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබන ලෙසත් උද්ඝෝෂකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *