ගායක චිලී පොලිස් නිලධාරීන්ට බාධා කිරීමේ නඩුවේ වරදකරු වෙයි

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ඔවුන්ට තර්ජනය කිරීම සහ පහරදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවකදී ගායක තිලංක විදුෂ හෙවත් “චිලී” මහතා වරදකරු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් මහතා  තීන්දු කළේය.

ඒ අනුව, ඔහුට රුපියල් 6,000ක දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට වන්දි වශයෙන් එක් අයෙකුට රුපියල් 10,000 බැගින් ගෙවන ලෙසද නියෝග කළේය.

2014 වසරේ ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර තලංගම පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බියවැද්දූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

මෙම නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 12ක් පුරා විභාග වූ අතර, එම කාලය තුළ සැකකරු ඇප මත සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *