ගම්පහ දිස්ත්රික්කයේ ඇදිරිනීතිය ක්රියාත්මක ප්රදේශවල ආහාර හා ඖෂධ අළෙවිසැල් අද දිනයේදීද පෙරවරු 8 සිට රාත්රි 8 දක්වා පමණක් විවෘත කර තැබීමට පොලිසිය විසින් උපදෙස් ලබාදී තිබේ.
වෙළඳ අමාත්යංශය සඳහන් කරන්නේ ඡංගම සේවා මඟින් මාළු සහ පොල් අළෙවි කිරීමේ වැඩපිළිවෙලක්ද ක්රියාත්මක කිරීමට නියමිත බවයි. මේ අතර රජය ජනතාවට දැනුම් දෙන්නේ සෞඛ්යාරක්ෂිත ක්රමවේද අනුගමනය කරමින් කලබලයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොමුවන ලෙසයි.