ගම්පහ කාර්යාල ගැටුමේ තීන්දුව පෙබරවාරි 2

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් අතර ගම්පහ යක්කළ පාරේ පක්ෂ කාර්යාලයක් මුල් කොට ගනිමින් ඇතිවූ ගැටුමට හා සම්බන්ධ  නඩුවේ තීන්දුව ලබන 2 වැනි දා ප්‍රකාශයට පත් කරන බව ගම්පහ අතිරේකක මහේත්‍රාත් ධම්මික උඩුවේ විධාන මහතා දැනුම් දුන්නේය.

එම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය  නඩුවට අදාළ දිවුරුම් ප්‍රකාශය ගොනුකරනු ලැබිණ.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ඉහතදී ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශය ගොනුකර තිබිණ.

මේ වෙන විට අධිකරණයේ නියෝගයක් මත යක්කල පොලිසිය බාරයට පත්කර තිබෙන එම කාරයාලයේ අයිතිය සම්බන්ධයෙන් එම පක්ෂ දෙකෙහි ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක් හේතු කරගෙන පොලිසිය මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *