කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ (09) පස්වරුවේ එම රෝහලට ඇතුළත් වී ඇති බවත් පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.
අනතුරුව එම රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් නයින්ටීන් සැකසහිත රෝගීන් රඳවා සිටින ඒකකය වෙත මාරු කර යැවිමට පියවර ගත් බව අධ්යක්ෂවරයා පැවසුවේය.
මෙම තත්ත්වය තුළ එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු එම ඒකකයෙන් ඉවත් කර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.