බොර තෙල් අපනයන කරන රටවල් මගින් පිහිටුවාගත් ඔපෙක් සංවිධානය හා ඒ සම්බන්ධ මිත්‍ර රටවල් ගෝලීය බොරතෙල් සැපයුම 10% කින් කප්පාදු කිරීමට එකඟතාවයකට පැමිණ තිබේ. ඔස්ට්‍රියාවේ වියානා නුවරදී වීඩියෝ සමුළුකට එක් වූ එම සංවිධානයේ රාජ්‍යයන් මෙම තීරණය ගෙන තිබේ.
කොවිඩ්-19 වෛරසයේ බලපෑම හමුවේ ලොව රටවල් රැසක කටයුතු අඩපණ වීම හේතුවෙන් මෙම එකඟතාවට පැමිණ තිබෙන අතර ඉතිහාසයේ සිදුකළ විශාලතම බොරතෙල් කප්පාදුව මෙය බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණ කරයි.