කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ඉනිමෙන් පළමු 20-20 තරගයේ ජය ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී පැවැති පළමු තරගයේදී කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ට ලකුණු 154  ක් රැස් කිරීමට සමත්විය.

පි‍ළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු තුනක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී පැතුම් නිශ්ශංක (පන්දු 16 ලකුණු 42)  හා කුසල් මෙන්ඩිස් (පන්දු 51 ලකුණු 73 එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 4.4කදී වේගවත් ලකුණු 78ක් රැස් කළේය. ඒ අනුව තරගයේ ජය ඉතාමත්ම පහසුවෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *