පසුගියදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සහ පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත පිළිබඳ සහතිකය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අනුමත කරන ලදී.
ඒ අනුව 2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශයේ පනත සහ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ලෙස මෙම පනත් බලාත්මක වේ.