කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,960ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,293ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ, මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංචරණ සීමා පැනවීමට පෙර කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගලයින් බවය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඒ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනා අනිවාර්යෙන්ම එන්නත් කිරීමේ කටයුතු සඳහා සහභාගී කරවීම අත්‍යවශ්‍ය කරුණක් බවය.