බාව්ලාන ප්රදේශයේ 29 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා සැප්තැම්බර් 4 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට සැප්තැම්බර් 7 වැනිදා පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී බාව්ලාන ප්රදේශයේ කැලෑබද ස්ථානයක තිබී අතුරුදන් වූ පුද්ගලයාගේ පිළිස්සුණු සිරුර සොයාගෙන ඇති අතර, එය ඝාතනයක් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්රදේශයේම පදිංචි අවුරුදු 18 සහ 41 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
එම ආරවුල අතරතුරදී මියගිය පුද්ගලයාට පහරදී ඝාතනය කර, පසුව ඔහුගේ සිරුරට ගිනි තබා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.


