ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) සාමාජික හබීබ් රිෆාන් මහතා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඊයේ (24) දිවුරුම් දී තිබේ.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දී ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්.එස්. අබ්දුල් වහීඩ් මහතා මෑතකදී ඉල්ලා අස්වීම හේතුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.
ඒ අනුව, පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හබීබ් රිෆාන් මහතා පත් කර තිබේ.


