PHI මහතාගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මහියංගනය, ගැමුණුපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා මහියංගනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහියංගනය පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ, එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත ස්වාමීන් වහන්සේ නමකගේ ළඟම ආශ්‍රිතයින් සෙවීමේ දී අදාළ පුද්ගලයා බාධා ඇති කළ බවය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පුද්ගලයින් 428 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ අතරින් පුද්ගලයින් 93 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

පසුගිය ඔක්තෝබර් මස 30 වන දා සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,644කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *