PHI නිලධාරීන් අගමැති සමග තීරණාත්මක සාකච්ඡාවක

ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් අද (28) දිනයේ කැඳවා තිබේ.

මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා මර්ධන රාජකාරීවලින් සහ බෝවන රෝග පාලනය පිළිබඳ රාජකාරීවලින් ඉවත්ව සිටිනවා. ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසිවලින් තමන් හට බලය පවරා නොදීම සහ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සිදුකළ ප‍්‍රකාශයකට විරෝධය පළ කරමින්.

අග‍්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ. ඒ අනුව අද පස්වරුවේ සිය ඉදිරි කි‍්‍රයාමාර්ග නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *