අද දහවල් සිට දුම්රිය ධාවනයත් නවතින ලකුණු

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරතවීමට සූදානමින් සිටී. දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පවසන්නේ ඊට අදාළ සාකච්ඡා අසාර්ථක වුවහොත් අද (28) මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව පවසයි.

පසුගිය කාලය පුරාවට දුම්රිය දෙපාර්තමේන්තුවේත්, ප්‍රවාහන අමාත්‍යංශයේත් වැඩකටයුතු අඩාල කළ ලලිත සිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපර්තම්නේතුවේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *