මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙණිය මහතාගේ ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.
සංගම් නිලධාරීන් පැවසුවේ ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මතු වූ විරෝධතා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වූ බවයි. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබුණද, මෙතෙක් සාධාරණ විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවද ඔවුහු චෝදනා කළහ.
වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ දිවයින පුරා සේවයේ නිරත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන වාර්තා සහ දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම පද්ධති යාවත්කාලීන කිරීමද අත්හිටුවීමට නියමිතය.
වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ ලබා නොදෙන දත්ත පසුව පද්ධති වෙත ඇතුළත් නොකරන බවද සංගමය අවධාරණය කර තිබේ.
සංගමයේ ප්‍රධාන ඉල්ලීම් අතර මිගස්දෙණිය මහතාගේ ස්ථාන මාරුව වහාම අවලංගු කිරීම සහ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ඇතුළත් වේ.
එමෙන්ම කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ අනුමත මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව අඩු කිරීමට ගන්නා කිසිදු උත්සාහයකටද සංගමය දැඩි විරෝධය පළ කර තිබේ.
කෙසේ වෙතත්, සාධාරණ පරීක්ෂණයකට සහය ලබාදීමට තමන් සූදානම් බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවත් වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.


