මාස් හෝල්ඩිංග්ස් සමාගමට අයත් කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීම ශ්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක් විය හැකි බවත් මේ හේතුවෙන් 26,000කට රැකියා අහිමි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුපියාවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මෙම අදහස් පළ කළ ප්‍රේමදාස කියා සිටියේ ඇතැම් ඇඟලුම් කම්හල් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගෙන යාම දේශීය කර්මාන්ත ක්ෂේත්රයට තවත් පහරක් වනු ඇති බවයි.
“මාස් හෝල්ඩිංග්ස් යනු මගේ පියා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හඳුන්වා දුන් ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ එක් සමාගමක් වන අතර, මාස් හෝල්ඩිංග්ස් සමාගමේ කර්මාන්තශාලා විසින් වික්ටෝරියා සීක්රට්, ඇඩීඩාස්, කැල්වින් ක්ලයින් වැනි ලෝක ප්‍රකට වෙළෙඳනාම නිෂ්පාදනය කළ අතර ශ්‍රී ලංකාවට එම වෙළෙඳනාම සඳහා ඇති අවස්ථාව අහිමි වෙමින් පවතින බව පෙනේ.


