Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

A9 පාර හදන්න කෝටි 131ක කොන්ත්‍රාත්තුවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මහනුවර – යාපනය (A9) ප්‍රධාන මාර්ගයේ තෝරාගත් කොටස් තුනක් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,318.3ක (රුපියල් කෝටි 131කට අධික) කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් A9 මාර්ගයේ කිලෝමීටර් 176+000 සිට කිලෝමීටර් 179+000 සීමාව අතර මාර්ග කොටස ආවරණය කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ලංසුකරුවන් හත්දෙනෙකු (07) සිය ලංසු ඉදිරිපත් කර තිබිණි. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, අවම සාරභූත ප්‍රතිචාරාත්මක ලංසුව ඉදිරිපත් කළ ‘කැන්වෙල් කන්ස්ට්‍රක්ෂන්ස් ඇන්ඩ් සිවිල් ඉංජිනියරිං’ (M/s Kanwel Constructions & Civil Engineering (Pvt) Ltd) පුද්ගලික සමාගම වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය විය.

එකතු කළ අගය මත බද්ද (VAT) රහිතව රුපියල් මිලියන 1,318.3ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඔබේ අදහස