ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් පත් කරයි

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දැනට පුරප්පාඩුව පවතින මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ  හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසු නිලධාරියකු හඳුනා ගැනීම පිණිස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසුකම් සහිත නිලධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව, පවත්වනු ලැබ ඇති සම්මුඛ පරීක්ෂණයේදී ඉහළම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී අයි.ජේ. අබේරත්න මහත්මිය එකී තනතුරට පත් කිරීම සුදුසු බවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත. එම නිර්දේශය මතපදනම්ව, අයි.ජේ. අබේරත්න මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *