තියුණූ ආයුධ කල්ලියක තුනක් අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි

එම සැකකරුවන් සමග කඩු 3 ක් රුපියල් ලක්ෂ 25 පමණ වටිනා හොරෙයින්  මත්කුඩු ග්‍රෑම් 15 ක් අයිස් මත්ද්‍රව්‍ය  ගෑම් 25ක් පොලිස් බාරයට ගෙන ඇත

ඉකුත් කාලය පුරා මොරටුව දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් වලදී  ජාවාරම්කරුගේ ප්‍රතිවාදීන් තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ක‍ර මාරාන්තික තුවාල සිදුකර තිබුණේ ඔහුගේ සමීප තමයෙකු වන දුමිඳු නමැත්තාගේ උපදෙස් මත  මෙම කල්ලිය බව පොලිසිය සඳහන් කරයි

ඉකුත්  26 වෙනිදින  මොරටුව පොලිස් වසම එල්ලුනාව ප්‍රදේශයේදී මත්ද්‍රව‍ය  ජාවාරමේ යෙදෙනෙන කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාර එල්ල කර බරපතල තුවාල සිදුකර තිබුණේ  මෙම කල්ලිය විසින් බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සහ අගුලාන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *