Skip to content

කන්ටේනර් සිද්ධිය:රේගු ලොක්කා මැතිසබා කමිටුවට

බහාලුම් 323 ක් පරීක්ෂාවකින්  තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ  නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මූලික කරුණු විමසීමක් කළේය.

බහාලුම් පැමිණීම, ඒවා රඳවා තැබීම සහ පිට කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා තොරතුරු ලබා ගැනීමක් කළ බව පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මීළඟට කැඳවන නිලධාරීන් කවුදැයි විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීමේ තීරණය කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වී මාස තුනකදී  විමර්ශන කටයුතු අවසන් කිරීමට එම කාරක සභාව තීරණය කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com