මඩොල්සිම මහදෝවවත්ත කුඩුදෝව පහල කොටසේ තේ වත්තක ඇළක් අසල තිබු නරක් වී දුගඳ හමමින් තිබූ පිරිමි මළසිරුරක් සොයා ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි .
මළසිරුර ඉකුත් නොවැම්බර් මස 26 වනදින සිට අතුරුදන් ව සිටි මඩොල්සිම මහදෝවවත්ත කුඩුදෝව කොටසේ පදිංචි ව සිටි රාමසාමි සින්ගාරවේල් (75) නැමති අයෙකු බව පොලිසිය කියයි
මෙම පුද්ගලයාෙග් පුතෙකු විසින් බව ඔහු ඇද සිටි ඇදුමෙන් සිරුර හදුනාගත් බව පොලිසිය පැවසීය .
මඩොල්සිම කුඩුදෝව කොටසේ තේ වත්තේ තේ දලු කැඩීමට ගිය පිරිසක් තේ වත්තේ දිය ඇලක් අසල නරක් වී දුගඳ හමමින් තිබූ මෙම මළසිරුර දැක ලබා දුන් තොරතුරක් මත මළසිරුර සොයා ගත් බවද පොලිසිය සදහන් කලේය .
මෙම මළසිරුර වනසතුන් කාදමා හදුනාගැනීමට නොහැකි පරදි බෙහෙවින් නරක් වී දුගඳ හමමින් තිබූ බවත් පොලිසිය කීය .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහකාර පොලිස් අධිකාරි 1 වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් පී දිසානායක මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .


