පැරා ශුරයෝ කටුනායකට

ඩුබායි හි පැවති 2025 ආසියානූ යොවුන් පැරා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන ඊයේ(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 07 දින සිට 14 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පවත්වා තිබුණි .

එම තරගාවලියේ දී ඩිල්මිණි උදුම්බරා කුමාරගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසි කිරීම සහ යගුලිය දැමීම ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියාය . ඩිල්මිණි කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ 12 ශ්‍රේණිය කළා විෂය ධාරාව හදාරන සිසුවියකි .

එසේම එම තරගාවලියට සහභාගී වූ සෙනුවර සන්දිලු මීටර් 100 ධාවන ඉසව්වෙන් රන් පදක්කම සහ දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය . සෙනුවර අතුරුගිරිය මහාමාන්‍ය විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි .

මෙම තරගාවලියේ දී මොහොමඩ් ඉස්හාම් ‍යූනුස් මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *