මත් රකුසා පරදවන්න ජනපතිගෙන් අලුත් වැඩක්

මත්ද්‍රව්‍ය ව්‍යසනයට පිළියමක් ලෙස තව දින දහයක් දොළහක් ඇතුළත මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පැවසීය

මත්ද්‍රව්‍ය වලින් දරු පරපුරු ආරක්ෂා කර ගැනීමේ අභියෝගය රජය භාර ගෙන ඇති බවද ඔහු කීවේය.

මත්ද්‍රව්‍ය රටට පැමිණීම ගලා ඒම වැළැක්වීමට උපරිම උත්සාහය දරණ බව පැවසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමටද ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *