අපරාධවලට වැඩ්ඩෝ වැඩි හරියක් ’’කුඩ්ඩෝ’’

බන්ධනාගාරවල  අපරාධකරුවන්ගෙන් සියයට 72ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදිවලට  සම්බන්ධ අය  බව අලුත්ම සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

මෙම තත්වය සියයට සීයක් දක්වා වර්ධනය වුවහොත් සමාජයේ මහා ව්‍යසනයක් ඇතිවිය හැකි බව එම අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය  අතරද ඍජු සම්බන්ධතාවයක් ඇති බව පොලීසියට තොරතුරු අනාවරණයවී ඇත. පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් පාතාලකරුවන් බොහෝ දෙනෙකුද මත්ද්‍රව්‍ය ජාවාරම්  සමඟ සම්බන්ධ අය බව හෙළිවී යැයි  පොලිස් මූලස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *