‘‘කටකතා ප්‍රවෘත්ති කරන්න එපා‘‘ – අගමැතිනිය

මම රනිල් වික්‍රමසිංහ බලන්න බණ්ධනාගාරයට ගියා නම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි. අගමැති හැටියට මට ඕන ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා යැයි අගමැතිනිය පැවැසුවාය.

සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට නිසි ක්‍රියාමාර්ග ගන්නවා.  පදනමක් නැති කතා ඔප්පු කරලා පෙන්වන්න කටකතා ප්‍රවෘත්ති කරලා පෙන්වන්න එපා. ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා නම් ඒකට පදනමක් තිබිය යුතුයි, 50ක් ආණ්ඩුවෙන් යන බවක් කියනවා මටත් කියන්නකෝ යන්නේ කවුද කියලා

අපි ජනතාවට දුන්න පොරොන්දු තමයි අපි දැන් ඉටු කරන්නේ අපි නිතියට බලපෑම් කරන්නේ නෑ නිතිය සුවාධිනව කටයුතු කරනවා යැයි ද  ඌව පළාත් සභාවේදි 26 දින පැවති මාධ්‍ය හමුවකදි අගමැතිවරිය පැවැසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *