කම්කරු නීති අලුත් කරන කමිටුව පළමු වරට රැස්වෙයි

කම්කරු නීති කෙටුම්පත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කෙරුණු කමිටුව කම්කරු අමාත්‍යංශයේදී  පළමු වරට රැස්විය.

මෙම හමුව පැවැත්වුණේ කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා කටයුතු කරයි.

ඒ අනුව වෘත්තීය අයිතිවාසිකම් සුරකිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වා දී ඇති කම්කරු ප්‍රඥාප්තින් වලට අනුගතව මෙම සංශෝධන සහිත පනතඉදිරිපත් කිරීම රජයේ අපේක්ෂාව බව එහිදී ප්‍රකාශ කෙරිණි.

කම්කරු නීති කෙටුම්පත් සංශෝධනය සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල කමිටුව එළැඹෙන සැප්තැම්බර් 11 වැනිදා යළි රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *