වැඩි මිලට විකුණු හාල් පාලන මිලට පාරිභොගිකයින්ට

ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලක වැඩිමිලට විකිණීමට ලොරියකින් රැගෙන ආ කැකුළු සහල් කිලෝ15000ක්  පාරිභෝගික අධිකාරිය විසින් අත් අඩංගුවට ගෙන පාලන මිලට පාරීභෝගිකයන්ට මිලදී ගැනීමට ඉඩකඩ සැලසූහ.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට වැඩිමිලට විකිණීම සඳහා කැකුළු සහල් තොගයක් රැගෙන එන බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම නිලධාරීන් ඇල්පිටිය පොලිසිය සමග එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම ලොරියේ කිලෝ 15000 ක කැකුළු සහල් මිටි 400 ක් තිබූණ බවත් අත් අඩංගුවට ගත් සහල් තොගයම ඇල්පිටිය නගරයේ පිහිටි එම වෙළඳසැල අසලම තබාගෙන කිලෝවක් රුපියල් 220/= බැගින් පාලන මිලට පාරිභෝගිකයන්ට ලබා ගැනීමට කටයුතු කළ බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.

මෙම සහල් ගෙනවුත් ඇත්තේ කිලෝවක් රුපියල් 280/= බැගින් විකිණීමට බවද පාරිභෝගික අධිකාරියේ නිලධාරීහූ පැවසූහ.පාරිභෝගික අධිකාරියේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂක කපිල බණ්ඩාර,ගාල්ල දිස්ත්‍රික් ප්‍රධානී බී.ගොඩගම,විමර්ශන නිලධාරී සජිත් රන්කෙන්දමුල යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *