” වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු” යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ පැවසීය.
අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ජීවත් වූ ගාල්ල කපුහෙම්පල නිවසට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ද නිවස අවට රැස්ව සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා වික්ටර් අයිවන් මහතාගේ ඥාතීන් හමුවී ශෝකය පළ කොට නැවත පිටත්ව යාමට සූදානම් වීමේදී ඒ අසලට පැමිණි ප්‍රදේශවාසීන් කෑමට සහල් නැති බවත් පොල් රුපියල් දෙසිය ගණනට ගොස් ඇති බවත් සඳහන් කළේය.
” අපගේ බලාපොරොත්තුව සර් තමයි” යනුවෙන්ද ප්‍රදේශවාසීහු රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් පැවසූහ.
එම පිරිස අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා ” අපි බලමුකෝ මොකද වෙන්නේ” යනුවෙන් සඳහන් කළේය.


