ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් සිවුදෙනෙක් රෝහලට

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකදි රැඳවියන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

ගැටුමේදි බරපතල තුවාල ලැබු දෙදෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සාමාන්‍ය තුවාලකරුවන් දෙදෙනකු බන්ධනාගාර රෝහලට ඇතුලත්කර ඇත.

ගැටුම ආරම්බ කර ඇති රැඳවියා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සොබනාහන්දි ජයලත් දි සිල්වා හෙවත් ජයලත් සුද්දා යන අයගේ අනුගාමිකයෙකු බවට අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *