Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හර්ෂිතා සමරවික්‍රමට කැරිබියන් ප්‍රිමියර් ලීග දොරටු ඇරෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2024 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරිමේ අවස්තාව ශ්‍රී ලංකා ඉදිරපෙළ පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබේ. ඒ එම කණ්ඩායම නියෝජනය කරන මෙග් ලැනින් ආබාධයකට ලක්විම හේතුවෙනි.

වමත් පිතිකරිනියක් වන සමරවික්‍රම ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තුට පසුව එතෙර ලීගයකට සහභාගි වූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිඩිකාව ලෙස වාර්තා අතරට එක්වෙයි.

මැත කාලයේදී කාන්තා ක්‍රිකට් පිටිය තුළ හර්ෂිතා ඉහළ රිද්මයකින් පසුවන අතර ඇය  විස්සයි20 තරග 65කදී ලකුණු 1463ක් ලබාගෙන ඇත්තේ 99.72ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමිනි.

ඔබේ අදහස